Friday, November 26, 2021

දෙතිස් කතාව

(1) රජුන් පිළිබඳ කථා ය,

(2) සොරුන් පිළිබඳ කථා ය,

(3) රජ ඇමතියන් පිළිබඳ කථා ය,

(4) සේනා පිළිබඳ කථා ය,

(5) භය පිළිබඳ කථා ය,

(6) යුද්ධ කථා ය,

(7) කෑම පිළිබඳ කථා ය,

(8) බීම පිළිබඳ කථා ය,

(9) ඇඳුම් පිළිබඳ කථා ය,

(10) යහන් පිළිබඳ කථා ය,

(11) මල් මාලා පිළිබඳ කථා ය,

(12) සුවඳ පිළිබඳ කථා ය,

(13) නෑයන් පිළිබඳ කථා ය,

(14) රථ වාහන පිළිබඳ කථා ය,

(15) ගම් පිළිබඳ කථා ය,

(16) නියම් ගම් පිළිබඳ කථා ය,

(17) නගර පිළිබඳ කථා ය,

(18) ජන පද පිළිබඳ කථා ය,

(19) ස්ත්‍රීන් පිළිබඳ කථා ය,

(20) ශූරයන් පිළිබඳ කථා ය,

(21) වීථි පිළිබඳ කථා ය,

(22) වැව් පොකුණු ආදි ජල ස්ථාන පිළිබඳ කථා ය,

(23) මියගිය නෑයන් පිළිබඳ කථා ය,

(24) නො කියවුණු නොයෙක් දේ පිළිබඳ නිර්ථක කථා ය,

(25) විතණ්ඩ කථා නම් නුවණැතියන්ගේ සිත් තැළෙන කථා ය,

(26) මුහුද පිළිබඳ කථා ය,

(27) ශාස්වත වාදය පිළිබඳ කථා ය,

(28) උච්ඡේද වාදය පිළිබඳ කථා ය,

(29) දියුණුව පිළිබඳ කථා ය,

(30) පිරිහීම පිළිබඳ කථා ය,

(31) පස්කම් සැප පිළිබඳ කථා ය,

(32) ආත්ම පෙළීම පිළිබඳ කථා


Thursday, November 18, 2021

 සංඝ රත්නය

නවදහස් හත්සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් ද ඔවුනොවුන් හා සමාන වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ, සැරියුත් මුගලන් ආනන්ද රාහුල ආදි පුද්ගල සමූහය ආර්ය සංඝරත්නය ය .

පුද්ගලයන් අදෙනෙකු ඇති බැවින් එයට අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නයයි කියනු ලැබේ. ඒ සංඝරත්නයට අයත් අාර්ය පුද්ගලයෝ අට දෙන නම් 



01 සෝවාන් මාර්ගස්ථ පුද්ගලයා ය.


02 සෝවාන් ඵලස්ථ පුද්ගලයා ය.


03 සකෘදාගාමී මාර්ගස්ථ පුද්ගලයාය.


04 සකෘදාගාමී ඵලස්ථ පුද්ගලයාය,


05 අනාගාමී මාර්ගස්ථ පුද්ගලයාය,


06 අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය,


07 අරහත් මාර්ගස්ථ පුද්ගලයා ය ,


08 අරහත් ඵලස්ථ පුද්ගලයා ය,

යන මොහු ය.

ආර්ය පුද්ගලයන් අට දෙනා අතුරින් සෝවාන් පුද්ගලයා හට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය යන සංයෝජන තුන නැත්තේ ය. ඔහුට කාම රාගා දී අවශේෂ සංයෝජන ඇත ද ,ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට මෙන් ඖදාරික පරිද්දෙන් නොව සියුම් ලෙසිනි. ස්වල්ප වශයෙන්. එබැවින් සෝවාන් වූ ආර්යශ්‍රාවකයන් වහන්සේ අපායොත්පත්තියට හේතුවන තරම් ඖදාරික පාපයන් නොකරන්න හ. එබැවින් උන්වහන්සේ අපායෙහි නූපදනාහ. ඒ ජාතියේ දී ම රහත් නොවී සසර උපාධි තත් උපදින්නේ සුගති භාවයෙහි සත් වරක් පමණකි.

සෝවාන් ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ ඒ තත්ත්වයෙහි සිට නැවත තිලක්ෂණ භාවනාවෙහි යෙදෙන සකෘදාගාමී මාර්ගය ඥානයට පැමිණ කාම රාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජන තවත් තුනී කොට සකෘදාගාමී ඵලයට පැමිණෙන්නාහ.

සකෘදාගාමී ඵලයෙහි පිහිටි භික්ෂූන් වහන්සේ නැවතද විදර්ශනා කරන සේක, අනාගාමී මාර්ගය ලබා, කාම රාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජන නිරවශේෂයෙන් ප්‍රහාරණය කොට අනාගාමී ඵලයට පැමිණ සේක.

අනාගාමි භික්ෂූන්වහන්සේ නැවත භාවනාවෙහි යෙදුණු වූ අර්හත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණෙන සේක. ඉන්පසු උන්වහන්සේ සංසාරයේ නැවත නූපදනා සේක.

ගෘහස්ථ භූමියෙහි සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආර්ය පුද්ගලයා ඇත ද, ඔවුහු අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටි යවුන් නොවන්න බැවින් සංඝරත්නයට අයත් නො වෙති. මෙකල වෙසෙන පෘථග්ජන භික්ෂූන් වහන්සේ ආර්යන් නොවන නමුත් නව දහස් එක්සිය අසූ කෝටි පනස් ලක්ෂ සතිස් දහසක් සංවරය ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර ශීල සංඛ්‍යාත ආර්ය ශීලස්කන්ධ යෙන් යුක්තව , ආර්යන් වහන්සේලා අනුව පිළිපදින බැවින් සංඝරත්නයට අයත් වන සේක. පරිජි ඇවතට පැමිණියෝද ,උපසම්පදාව පිහිටිය හැකි සේ විනයගත පරිද්දෙන් උපසම්පදාව නොලබා, උපසම්පන්නයන් හැටියට පෙනී සිටින්නෝ ද සංඝරත්නයට ඇතුළත් නො වෙති.

වැඩිවිස්තර සදහා මෙතනින් පිවිසෙන්න

dhammadeepa.lk

Saturday, November 6, 2021

Dharma Rathnaya ධර්ම රත්නය

සතර මාර්ගය ,සතර ඵල, නිර්වාණයයන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දෙව් මිනිසුන්ට දේශනය කළ ධර්ම සමූහය වූ පිටකත්‍රය ද යන මේ දස වැදෑරුම් ධර්ම රත්නයයි.
එහි සතර මාර්ගය යනු සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය යන සතරය. සතර ඵලය යනු සෝවාන් ඵලය, සකෘදාගාමී ඵලය ,අනාගාමී ඵලය ,අර්හත් ඵලය යන සතරය. ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයෝ යම්කිසි තැනක ඇති වස්තු කොටසක් නොව, තම තමා විසින් ම වීර්ය කොට ,තම තමා තුළ උපදවා ගත යුතු ධර්මයෝය. නිර්වාණය යනු ඒ ලෝකෝත්තර මාර්ගය ලැබීමෙන් ලැබෙන උසස් සුවයයි.
පිටකත්‍රය යනු විනය පිටකය ,සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුනය.

එහි, විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයනට පැනවූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහයය. එය පාරාජික පාළියය, පාචිත්තිය පාළි යය,මාහා වර්ග පාලියය , චූල වර්ග පාලියය ,පරිවාර පාළිය යයි ප්‍රකරණ වශයෙන් පසෙක් වන්නේය. ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.
සූත්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානයෙහි ඒ ඒ පුද්ගලයන්ට දේශනා කළා වූ, සාමාන්‍ය දේශනා සමූහයය. එය සූත්‍රය සූත්‍ර පිටකය දීඝ නිකායය, මජ්ඣිම නිකායය, සංයුත්ත නිකායය, අංගුත්තර නිකායය, ඛුද්දක නිකාය යයි නිකාය පසකට බෙදා තිබේ. එහි දීඝ නිකාය සූත්‍ර සුතිසකින් හා බණවර සිව් සැටකින් යුක්තය. මජ්ඣිම නිකාය සූත්‍ර එකසිය දෙපනසකින් හා බනවර අසූවකින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර සත් දහස් සත් සිය සැට දෙකකින් හා බණවර සියයකින් යුක්තය. අංගුත්තර නිකායේ සූත්‍ර නවදහස් හත්සිය සත් පනසකින් හා බණවර එක් සිය විස්සකින් කින් යුක්තය. ඛුද්දක නිකාය කුඩා ග්‍රන්ථ සමූහයකි. ඛුද්දක පාලිය, ධම්ම පදය, උදානය, ඉතිවුත්තක, සුත්ත නිපාතය, විමාන වස්තු පාලිය, පේතවත්ථු පාලිය, ථේර ගාථා පාලිය, ථේරී ගාථා පාලිය, ජාතක පාලිය, නිද්දේස පාළිය, පටිසම්භිදාමග්ගය, අපදානය, බුද්ධවංශය, චරියාපිටකය යන මේ ප්‍රකරණ පසළොස ඛුද්දක නිකාය සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ විසි එක් දහසෙකි.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් සවන වසරෙහි තව්තිසා දෙව් ලොව වස් තුන් මස මුළුල්ලෙහි දේශනය කළ පරම ගම්භීර පරමාර්ථ දේශනය අභිධර්ම පිටකය ධම්ම සංගනී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කථා පකරණය, පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය, කථාවත්ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය, අභිධර්ම පිටකයෙහි ප්‍රකරණ සතෙකි එහි ධර්මස්කන්ධ සතළිස් දෙදහසකි

වැඩිවිස්තර සදහා මෙතනින් පිවිසෙන්න



ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බලයෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නොවන ගුණ ඇත්තාවු මහොත්තමයන් වහන්සේ බුද්ධ නම් වන සේක.

ලෝකයෙහි ඇත්තා වූ පදවිය ඇතුරෙන් සියල්ලටම උසස් පදවිය බුද්ධ පදවිය යි. එය ලැබීමට යටත් පිරිසෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග, පුත්‍ර පරිත්‍යාග, භාර්යා පරිත්‍යාග, අංග පරිත්‍යාග, ජීවිත පරිත්‍යාග, යන මේවා කරමින් පෙරුම් පිරිය යුතුය. එය ඉතා උදාර අදහස් ඇති මහා වීරයකුට මිස සැමටම කළ හැකි වැඩක් නොවන බැවින් ලෝකයෙහි බුදු කෙනෙකු පහළ වන්නේ ඉතා දීර්ඝ කාලයකිනි


බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය පුද්ගලයෙකි. උන්වහන්සේගේ ගුණ තබා ශරීරය ද ප්‍රමාණ කළ නොහේ කොපමණ උස කෙනෙකුට වුව ද උන්වහන්සේගේ හිස් මුදුන නො බැලිය හැකිය.
ලෝකයෙහි සැමටම වඩා සෝබන තැනැත්තාද උන් වහන්සේමය. මිනිස්ලොව තබා දෙව්ලොව බඹලොව ද රූප ස්වභාවයෙන් උන්වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙක්ද නැත. උන්වහන්සේගේ ශරීරය රන්වන්ය. ඔපනැගූ රන් කඳක් සේ දිළිසෙන්නේය. එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේය. මදට පැහැය ඇත්තා වූ ද කලවම් පැහැය ඇත්තා වූ ද රැස් විහිදෙන්නේය.
සියලු කෙලෙසුන් නැසූ බැවින් උන්වහන්සේගේ සිත අති පාරිශුද්ධය. කරුණාවෙන් තෙත්ය. තමන් වහන්සේගේ පුත්‍ර වූ රහල් කුමරුන් කෙරෙහි මෙන්ම දේවදත්ත ආදී සතුරන් කෙරෙහි ද උන් වහන්සේ ගේ මහා කරුණාව නොවෙනස්ව පවත්නේය. කිසි වස්තුවක් කෙරෙහි හා කිසිම පුද්ගලයෙකු කෙරෙහි ද උන්වහන්සේගේ ඇල්මක් නැත. දේවදත්ත ආදී සතුරන් කෙරෙහි උන්වහන්සේගේ වෛරයක් නැත. උන්වහන්සේ සතුරු මිතුරු සැම දෙනාටම යහපතක්ම කරන සේක.
උන්වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූ ද කාල මුක්ත වූ ද සියල්ල දත් සේක. උන් වහන්සේගේ දිවවසට කොතරම් දුර තිබෙන දෙයක් වුවද කොතරම් සියුම් දෙයක් වුවද පෙනෙන්නේය. උන්වහන්සේගේ දිව කණට ඉතා දුර ශබ්ද හා පියවි කනට නොඇසෙන ශබ්ද ද මැනවින් ඇසෙන්නේය. උන් වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගතිගුණ පෙනෙන්නේය. මැරෙන්නන් උපදින තැන් පෙනෙන්නේය. ඒ ඉපදීම් වලට හේතුවන පින් පව් පෙනෙන්නේය.

උන්වහන්සේගේ ඉර්දි ඉතා ආශ්චර්යවත්ය. උන්වහන්සේට දිය ගිනි සුළං ආදී ඕනෑම දෙයක් සිතින්ම මැවිය හැකිය. කැමති වෙසක් මවා ගත හැකිය. පොළවෙහි මෙන්ම අහස්හිද සියලු ඉරියව් පැවැත්විය හැකිය. ජලයෙහි ද පොළොවෙහි ද සියලු ඉරියව් පැවැත්විය හැකිය.වක්කළ අතක් දිගු කරන්නන් මෙන් සැණෙකින් ලෝකයේ ඕනෑම තැනකට යා හැකිය. නොපෙනී ද විසිය හැකිය.

උන්වහන්සේගේ ධර්ම දේශනය ඉතා ආශ්චර්යවත්ය. දහම් දෙසන්නා වූ උන්වහන්සේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාටම නොවෙනස්ව පෙනෙන්නේය. උන්වහන්සේ විසින් එකම භාෂාවකින් කරන දේශනය අසල සෑම දෙනාටම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේය. උන්වහන්සේගේ කටහඬ ඉතා මිහිරිය. මිනිස් හඬට බිය වී පලා යන වන සතුන් ද උන්වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසාගෙන සිටිති. උන් වහන්සේගේ හඬ සේ මිහිරි, කටහඬක් තබා තූර්යනාදයකුදු නැත. උන්වහන්සේගේ මේ මධුර ස්වරය බණ අසන පිරිසෙන් පිටතටද නොපැතිරෙන්නේය. බණ අසන අය ලොව පුරා සිටියත්, සැමටම ඇසෙන්නේය. උන්වහන්සේ යමක් ප්‍රකාශ කළේ නම් එය එසේමය. උන්වහන්සේට වැරදීම් නැත.

නිහතමානි වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උසස් පහත් පෝසත් දුප්පත්කම් ගැන නොසලකන සේක. උන්වහන්සේ කෝෂලාදී න්රේන්ද්‍රයන් ගේ මාළිගා වන්ට මෙන්ම කරුණක් ඇතිවී නම් රොඩී කුප්පායම ටද වඩිනා සේක. උන්වහන්සේ වැඳුම් පිඳුම් කළ යුත්තන් අතුරෙන් අග්‍ර වූ සේක


වැඩිවිස්තර සදහා මෙතනින් පිවිසෙන්න